බන්ධනාගාරය අපරාධකරුවන්ගේ ක්‍රීඩා පිට්ටනියක් වී ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසනවා. මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් රැසක් මෙහෙයවන්නේ බන්ධනාගාර තුළ බවත් ඊට බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ද හිමිවන බවයි නීතිපතිවරයා අවධාරණය කරන්නේ.
අද පෙරවරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය නීතිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා. රාජකාරි කටයුත්තක් සදහා බන්ධනාගාරයක සංචාරයකට එක්වූ පළමු නීතිපතිවරයා වශයෙන් තමා ආඩම්බර වන බවද නීතිපති දප්පුල ද ලිවේරා මහතා කියාසිටියා. අනතුරුව බන්ධනාගාර නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක ද නීතිපතිවරයා නිරත වුණා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ඇතුළු නිලධාරීන් රැසක් ඊට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Bhp_LDx4t_I”]