මහවැලි එල් කලාපයේ ගම්මාන අතර බස්රථ සේවාව ජුලි දෙවනදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
දුෂ්කර ගම්මාන සහිත මහවැලි එල් කලාපයේ බස්රථ සේවාවක් ආරම්භ කරන ලෙසයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනා ගමන මණ්ඩලයට උපදෙස් දුන්නේ.
ඒ මගී ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම්ද සලකා බලමින්. මුලතිව් දිස්ත්‍රික්කයේ සම්පත් නුවර සිට මහවැලි එල් කලාපයේ ගම්මාන ආවරණය වන පරිදි ධාවන කටයුතු සිදුකිරිමයි මුලික අදියරේදී සිදුවන්නේ. දිනපතා ගමන් වාර 4 ක් ක්‍රියාත්මක කරනවා.