fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කවසාකියෙන් අපේ දරුවන්ට බලපෑමක් නෑ

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2020 12:06

ළමයින්ට වැළදෙන කවසාකි රෝගයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල වී නැති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා.

මේ හේතුවෙන් ළමා රෝහලට පැමිණ අනවශ්‍ය තදබදයක් ඇති කිරීමෙන් වළකින ලෙසයි අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටින්නේ.

සිංගප්පූරුවේ රතුකුරුස සමාජය මගින් මෙරට දරුවන් සදහා මුඛ ආවරණ ලබාදීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් විජේසූරිය මහතා මේ බව කියා සිටියා.

දිවයිනේ ළමා රෝගීන් සිටින රෝහල් කිහිපයක දරුවන් සදහා අදියර කිහිපයක් යටතේ මුඛ ආවරණ ලබාදීම මෙසේ සිදුවනවා. පූජ්‍ය කැලණියේ කස්සප ස්වාමීන් වහන්සේ මෙම මුඛ ආවරණ තොගය රෝහල් අධ්‍යක්ෂවරයා වෙත ලබා දුන්නා.

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2020 12:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo