fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා මර්දනය ගැන ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට ඇගයීමක්

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2020 15:36

කොරෝනා මර්දනය සදහා ශ‍්‍රිී ලංකාව ක‍්‍රියාත්මක කළ වැඩපිලිවෙල ඉන්දිය රජයේ පැසසුමට ලක්ව තිබෙනවා.

ඉන්දිය ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය අතර හමුවක් සිදුවුණා. ශ‍්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගනුලැබූ ක‍්‍රියාමාර්ග එහිදී බග්ලේ මහතා අගය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරිය ලබාදුන් දායකත්වයද විශේෂ ඇගයීමට ලක්වු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. අවශ්‍ය ඕනෑම අවස්ථාවක ශ‍්‍රී ලංකාවට සහාය වීමට ඉන්දීය රජය සුදානම් බවද මහ කොමසාරිස්වරයා එහිදී සදහන් කළා.

සෑම අවස්ථාවකදීම ඉන්දියාව ලබාදුන් සහාය වෙනුවෙන් රජයට සහ සියලු ජනතාවට ස්තුතිවන්ත වන බවයි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පෙන්වා දුන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2020 15:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්