fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව ජනගහනයෙන් මිලියන 80ක් අවතැන්වනු ඇති බවට අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2020 14:55

මෙම වසර අවසානය වන විට ලොව ජනගහනයෙන් මිලියන 80ක් අවතැන්වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා.

යුදමය තත්ත්වයන් සහ හිංසා පීඩා ආදී කරුණු හේතුකොටගෙන විශාල පිරිස් තම ගම්බිම් අතහැරදමා පළායාම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ. 2010 වසර වන විට මිලියන 4.1ක් ලෙස පෙන්නුම් වූ සරණාගතයින්ගේ සංඛ්‍යාව 2020 වන විට දෙගුණයකට ආසන්න වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. ඇෆ්ගනිස්ථානය, සිරියාව, වෙනිසියුලාව සහ දකුණු සුඩානයේ ජනතාව වැඩි පිරිසක් සරණාගතයින් බවට පත්ව සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2020 14:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්