ඇමෙරිකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් අවම වශයෙන් හමුවන ප්‍රාන්තය බවට නිව්යෝර්ක් ප්‍රාන්තය පත්ව තිබෙනවා.
ඇමෙරිකාව තුළ කොරෝනා වෛරසය පැතිර යාම ආරම්භ වී වෛරස් කේන්ද්‍රස්තානය ලෙස හැඳින්වූයේ නිව්යෝර්ක් ප්‍රාන්තයයි. නමුත් අද වන විට අවම වශයෙන් රෝගීන් හමුවන්නේද නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් බව ප්‍රාන්ත ආණ්ඩුකාර ඇන්ඩෘෘ කොස්මෝ පවසනවා. ඇමෙරිකාවෙන් රෝගීන් ලක්ෂ 22 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වනවා.