fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවුරුදු 45 කට පස්සේ හිමාලයේ ගිනි ඇවිලේ

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 18:11

හිමාල දේශසීමාව ආසන්නයේදී චීන හා ඉන්දීය හමුදා සෙබලුන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් ඉන්දීය සෙබලුන් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සටන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා නගන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. දෙපාර්ශ්වයෙන්ම හමුදා සෙබලුන් තුවාල ලැබූ බව ඉන්දීය හමුදාව පැවසුව ද චීනයෙන් ඒ පිළිබඳ මෙතෙක් වාර්තාවක් නිකුත්කර නැහැ. දෙරට අතර දේශසීමා සම්බන්ධයෙන් පවත්නා එකගතාවයන් චීනය විසින් කඩ කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. කෙසේ වුවද මින් ඉදිරියට ගැටුම් ඇතිකර නොගන්නා බවයි චීනය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ. දෙරට අතර මේ ආකාරයේම ගැටුමක් වාර්තා වූයේ මීට වසර 45 කට ඉහතදීයි. මේ අතර චීන ජනාධිපති ෂී ජින් පින්ග් ගේ පිළිරු පුළුස්සා දමමින් ඉන්දීය ජනතාව විරෝධය දක්වන අයුරු අද මාධ්‍ය වාර්තා කළා. චීන නිෂ්පාදන වර්ජනය කළ යුතු බවද ඔවුන් පවසනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 18:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්