fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි බිල්පත් ගෙවීමේදී නිවැරදිම බිල්පත වන්නේ අවසන් බිල්පතයි

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 18:02

විදුලි බිල්පත් ගෙවීමේදී නිවැරදිම බිල්පත වන්නේ අවසන් වරට නිකුත් කර ඇති බිල්පත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එය නිකුත් කර ඇත්තේ පාරිභෝගකයින් පරිභෝජනය කළ විදුලි ඒකක ගණන සඳහා පමණක් බවයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ.

විදුලි බිල්පත් සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේද යන්න පිළිබඳ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී ජනාධිපතිතුමා විමසීමක් කළා. ඒ පිළිබද පැහැදිලි කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ට ලබා දෙන සහන ඒකක 30 හි සහනය එලෙසින්ම ක්‍රියාත්මක බවත් මාස දෙකක බිල්පත් එකවර ලබාදීමේදී එය ඒකක හැටක් ලෙස සළකා කටයුතු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසනවා. කෝවිඩ් 19 හේතුවෙන් ඇදිරිනීතිය බලපැවැත්වූ කාලසීමාවෙහි ගෘහස්ථ විදුලි පරිභෝජනය පෙබරවාරි මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. එහෙයින් යම් අයෙකුට පෙබරවාරි මාසයේ බිලට වඩා වැඩි අගයක් සහිත බිලක් ලැබී ඇත්තේ එමහේතුව මත බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ. බිල්පත වාරික කිහිපයකින් ගෙවීමට අවස්ථාව සලසා ඇති බවත් කිසිදු නිවසක විදුලිය විසන්ධි කිරීමක් සිදුනොවන බවත් ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කරනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 18:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්