fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පක්ෂ මහ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක්

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 17:56

දේශපාලන පක්ෂ මහ ලේකම්වරුන් මෙන්ම පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක් පැවැත්වුණා. මහ මැතිවරණයේදී ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙනුයි මෙහිදී අවධානය යොමු කෙරුණේ.

අගෝස්තු  5 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක වන ආකාරය හා එහිදී දේශපාලන පක්ෂ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. මැතිවරණ ප්‍රචාරණයේදී ඇතිවන ප්‍රායෝගික ගැටලුවලට විසදුම් ලබාගැනීමේදී අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ ඇගයීමක් යොමු කෙරුණා. විශේෂ  තත්ත්වයක් මත මෙවර මැතිවරණය පැවැත්වෙන බැවින් ඇතැම් නීතිවල සංශෝධනයක් සිදුවීමේ අවශ්‍යතාව ඊට එක්ව සිටි දේශපාලන නියෝජිතයින් අවධාරණය කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 17:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්