fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට චෝදනා

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 15:51

දේශසීමාවේ පිහිටා ඇති සම්බන්ධීකාරක කාර්යාලය පුපුරුවා හැරීමට සිදුවූයේ දකුණු කොරියාවේ වගකීම් විරහිත හැසිරීම හේතුවෙන් බව උතුරු කොරියාව නිවේදනය කරනවා.

2018 වසරේ දී එළඹි සියලු එකඟතා මේ වනවිට දකුණු කොරියාව විසින් කඩකර ඇති බවයි උතුරු කොරියාව නිවේදනය කරන්නේ. උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ සහෝදරිය පවසන්නේ දකුණු කොරියානු ජනාධිපතිවරයා ඇමෙරිකාවේ රූකඩයක් බවට පත්ව ඇති බවයි. මේ අතර දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සඳහන් කරන්නේ උතුරු කොරියාවේ මෙවැනි වගකීම් විරහිත හා විහිලුකාරී හැසිරීම් තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවයි. කෙසේ වුවද තමා තවමත් උතුරු කොරියාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බව දකුණු කොරියා ජනාධිපතිවරයා නිවේදනය කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 15:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්