fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රසීලයේ කලු ජාතික දරුවෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් දැඩි මතබේදකාරී තත්ත්වයක්

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 15:13

බ්‍රසීලයේ පොලිස් නිලධාරියෙකු අතින් කලු ජාතික පිරිමි දරුවෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි මතබේදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

සාවෝපෝලෝ නගරවැසියන් පොලීසියට විරුද්ධව මේ වනවිට විරෝධතා ආරම්භකර තිබෙනවා. මෙම කලුජාතික දරුවා අතුරුදන් වූයේ පසුගිය ඉරිදා දිනයේයි. පසුව ඔහුගේ සිරුර සොයාගත් අතර හිසට එල්ලකළ වෙඩි ප්‍රහාර දෙකක් දක්නට ලැබුණා. හමුදා පොලීසියට අයත් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනයට සැක කරන අතර ඔවුන් දෙදෙනා නගරයෙන් පළාගොස් තිබෙනවා. ඊයේ දිනයේ දී උද්ඝෝෂකයන් කලහකාරී ලෙස හැසිරුන ද මේ වන විට තත්ත්වය තරමක් සාමකාමී ස්වරූපයක් ගන්නා බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 15:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්