අත් යන්ත්‍ර සහ බතික් රෙදිපිලි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් තීරණයෙන් මෙරට බතික් කර්මාන්තයේ නිරත වන්නන්ට ප්රතිලාභ රැසක් හිමි වනවා. එය රටේ ආර්ථිකය නගා සිටුවීමට පිටිවහලක් වන බවයි අත් යන්ත්‍ර හා බතික් කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ.
මෙම කර්මාන්තවල නිරතවන්නන් නගා සිටුවීම හා එම ක්ෂේත්‍ර වර්ධනය කිරීමේ අරමුනෙනුයි ජනාධිපතිතුමා මෙම තීරණය ගනු ලැබුවේ. මීට වසර ගණනාවකට පෙර ඉතා ඉහළ ආදායම් ගෙන දෙන කර්මාන්තයක් ලෙසට ක්‍රියාත්මක වූ අත්යන්ත්‍ර හා බතික් රෙදිපිලි නිෂ්පාදනය පසුගිය කාලයේ දැඩි කඩා වැටීමකට ලක් වුණා. ඊට ප්‍රදානම හේතුව වූයේ විදෙස් රටවලින් මුද්‍රිත බතික් ආනනයනය කිරීමයි. මෙම තත්ත්වය හා පවත්නා ගැටලු පිලිබඳ අත්යන්ත්‍ර හා බතික් කර්මාන්තයේ නිරතවන්නන් ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කළා.ඒ අනුවයි ඔවුන්ට සහන සළසමින් මෙම තීරණය ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගනු ලැබුවේ.එය තමන්ට මෙන්ම තම කර්මාන්ත ආශ්‍රිතව වක්‍ර රැකියාවල නිතර වන විශාල පිරිසකට සෙත සැළසෙන්නක් බව බතික් කර්මාන්තයෙන් නිරතවන්නන් පවසනවා.