ලංකා කම්කරු කොංග්රසයේ නව මහලේකම් තනතුරට ජීවන් තොණ්ඩමන් මහතා පත්කර තිබෙනවා.
ලංකා කම්කරු කොංග්රසයේ මහලේකම් ධුරය දැරුවේ ආරුමුගන් තොණ්ඩමන් මහතායි. ඒ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මහලේකම් ධුරයට ජීවන් තොණ්ඩමාන් මහතා පත් කර තිබෙන්නේ කොංග්රස් පක්ෂ සාමාජිකයන්ගේ ඒකමතික තීරණයෙනුයි.
කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්රස් මූලස්ථානයට රැස් වූ පක්ෂ සාමාජිකයින් මෙම තීරණයට අනුමැතිය පල කළා.