දේශසීමා සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනය අතර හටගෙන තිබෙන මතභේද මේ වන විට ගැටුම් දක්වා වර්ධනය වී තිබෙනවා.
හිමාල දේශසීමා ආසන්නයේ දෙපාර්ශ්වය අතර ඊයේ හටගත් ගැටුම් හේතුවෙන් ඉන්දීය සෙබලුන් 20 දෙනෙකු මියගිය බව ඉන්දීය බලධාරීන් නිවේදනය කරනවා. දෙපාර්ශ්වයේම බොහෝ පිරිසක් ගැටුම් හේතුවෙන් තුවාල ලබා ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරනවා.
මේ වන විට දෙපාර්ශ්වය අතර දේශසීමා සම්බන්ධයෙන් තවදුරටත් ගැටුම් වර්ධනය වන ලකුණු පෙන්නුම් කරන බවයි විශ්ලේෂකයින් පවසන්නේ. දෙරට අතර දේශසීමා සම්බන්ධයෙන් පවත්නා එකගතාවයන් චීනය විසින් කඩ කරන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. දෙරට අතර මේ ආකාරයේම ගැටුමක් වාර්තා වූයේ මීට වසර 45 කට ඉහතදීයි.