fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ විභාග දින පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භයෙන් පසු

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 09:34

උසස් පෙළ විභාගය පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරිමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේ ප‍්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ , ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගෙ අදහස් සලකා බැලීමයි අරමුණ . නව්‍ය කොරෝනා වයිරසය හේතුවෙන් මේ වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වුණා. විශය නිර්දේශ ආවරණ කිරිමට නොහැකි වීම නිසා උසස් පෙළ විභාගය කල්දමන ලෙසට පාර්ශව ගණනාවක් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා.

දැනට නියම කර තිබෙන්නේ සැප්තැම්බර් මස 7 වනදා විභාගය ආරම්භ කිරිමට. දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි එය සලකා බලන ලෙසයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා නිළදාරින්ට දැනුම් දුන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්