අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හට ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් ද ඊට අයත්. දිවයින හරහා පැයට කිලෝමීටර පනහක වේගයකින් සුළං හමා යාමේ හැකියාවක්ද පවතිනවා.
මුහුදු ප්‍රදේශ ආශි්රතවද සුළගේ වේගය පැයට කිලෝ මිටර හැට දක්වා වැඩි විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ. පුත්තලම සිට මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ ඒ අතර වනවා.