ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ජාවක් අද (17) පැවැත්වෙනවා.
මහ මැතිවරණයේ ඉදිරි කටයුතු සහ මූල්‍ය තත්වය පිළිබදව එහිදී අවධානය යොමු කරන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. තැපැල් ජන්ද විමසීම ලබන මස 14,. 15, 16, 17, 20 සහ 21 යන දිනවලදී පැවැත්වෙනවා. ජන්ද දැන්වීම් පති‍්‍රකා තැපෑලට භාර දෙන්නේ ලබන මස 11 , 12 සහ 13 යන දිනවල. ඒවා බෙදාහැරීම ලබන මස 29 වනදා අවසන් කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ.
මැතිවරණ කොමිසම සහ නිරික්ෂණ සංවිධාන අතර සාකච්ජාවක් ද අද (17) පැවැත්වෙනවා. ඉදිරි කි‍්‍රයාමාර්ග පිලිබදව අදහස් හුවමාරු කර ගැනීමයි අරමුණ. පසුගිය දිනවල ආදර්ශ මැතිවරණ කිහිපයක්ම පැවැත්වුණා. ඒ සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව මැතිවරණ කොමිසමට භාර දුන් බවයි පැෆරල් විධායක අධ්යක්ෂ රෝහණ භෙට්ටිආරච්චි මහතා සදහන් කළේ.