ජාත්‍යන්තර මගී ගුවන් ගමන් සේවා යළි ආරම්භ කිරීමට අදාළ කරුණු සොයා බැලීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.
අගෝස්තු පළමුවනදා සිට ජාත්‍යන්තර ගුවන් ගමන් සීමා යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුවයි අදාළ කරුණු සොයා බැලීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණේ. ජාත්‍යන්තර ගුවන් සේවා ප්රමිතීන්ද ආරක්ෂා කර ගනිමින් ඉරිදියේදී ක්‍රියාකළ යුතු ආකාරය පිලිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. විශේෂයෙන් සෞඛ්‍ය නිර්දේශවලට අනුගත වෙමින් ජාත්‍යන්තර මගී ගුවන් සේවා යළි ක්‍රියාත්මක කළ යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.