බස් හා දුම්රිය මගීන් සදහා යෝජිත ට්‍රැවල් කාඩ්පත අගෝස්තු මාසයට පෙර හදුන්වා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නා. කොවිඩ් වසංගතය හමුවේ මුදල් පරිහරණය අවම කිරීම මෙහි අරමුණයි.
මුදල් පරිහරණය හැකි තරම් අවම කරන ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශවල සදහන්. ප්‍රවාහන සේවා සදහා පෙරගෙවුම් කාඩ්පතක් හදුන්වාදීමට දිගුකලක් තිස්සේ උත්සාහ කළද එය මෙතෙක් ක්‍රියාත්මක වූයේ නැහැ. ට්‍රැවල් කාඩ්පත හදුන්වාදීමට හොදම අවස්ථාව මෙය බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. පෙරගෙවුම් කාඩ්පත් මුද්‍රණය මගින් මුදල් මුද්‍රණයට යන වියදමද අවම කර ගත හැකි බවද මෙහිදී ප්‍රකාශ වුණේ. ජාතික ගමනාගමන කොමිසම, ශ්‍රී ලංගම දුම්රිය දෙපාර්තමේන්තුව, රාජ්‍ය බැංකු සහ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ඇතුළු ආයතන රැසක නියෝජිතයන් ඊට එක්ව සිටියා.