fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වර්ගවාදය සහ පොලිස් ප්‍රචණ්ඩත්වය ගැන හදිසි විවාදයක් ජිනීවා නුවරදී

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2020 10:50

වර්ගවාදය සහ  පොලිස් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් හදිසි විවාදයක් පැවැත්වීමට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය එකග වී තිබෙනවා.

ඇමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් සහ බෘෘක්ස්  ඝාතනයට පසු මතු වූ විරෝධතා රැල්ල සමග අප්‍රිකානු රටවල් කළ ඉල්ලීමකට අනුව මෙම හදිසි විවාදය පැවැත්වීමට සූදානම්ව සිටින බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය පෙන්වා දෙන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  මණ්ඩලයේ 43 වන සැසිවාරය පසුගිය මාර්තු මාසයේ කෝවිඩ් ගෝලීය වසංගතය සමග අත්හිටුවනු ලැබූ අතර දැන් එය යළි ආරම්භ වී තිබෙනවා. මානව හිමිකම් කවුන්සිලයේ 14 වසරක ඉතිහාසය තුළ වර්ගවාදය පිලිබඳ හදිසි විවාදයකට අනුමැතිය හිමි වී ඇති 05 වන අවස්ථාව මෙය බව විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2020 10:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්