කෝවිඩ් වසංගතය දැඩි අවදානමකට ලක්ව තිබෙන පසුබිමක වුවද ආර්ථිකය ශක්තිමත් කිරීම තම රජයේ ප්‍රමුඛතාවන්ගෙන් එකක් වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉන්දීය කර්මාන්තකරුවන්ගේ වාර්ෂික සම්මේලනය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මූඩිස් ඉන්වෙස්ට්මන්ට් නම් වූ ණය ශ්‍රේණිගත කිරීම් පිලිබඳ ආයතනය ඉන්දියාව ණය ශ්‍රේණිගත කිරීම් තුළ පහත තලයකට පැමිණීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමග ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා. දිල්ලි නුවරින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් දිල්ලි නුවරය පිවිසෙන දේශසීමා වසා දැමීමට කටයුතු කර ඇති බවද වාර්තා වනවා.