පාසල් යළි විවෘත කිරීමෙන් පසු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
පොදු ප්‍රවාහන සේවා මෙන්ම පාසල් සිසු ප්‍රවාහන සේවා සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක කළ යුතුයි. ඒ පිළිබඳ විශේෂ අවදානය යොමු කරමින් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ මහින්ද අමරවීර හා ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. පාසල් ආරම්භ කිරීමත් සමග කාර්යාල වේලාවන් හා පාසල් ආරම්භ වන වේලාවන් අතර ද දුරස්ථභාවයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. මාර්ග තදබදය අවම කර ගැනීම ද අරමුණක් බැවින් ප්‍රවාහන සේවා අමාත්‍යාංශය මේ වනවිටත් වැඩපිළිවෙළ කිහිපයක් ආරම්භකර තිබෙනවා.