fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,901ක් දක්වා ඉහළට – 1,342ක් සුවය ලබයි

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2020 18:40

මෙරට සම්පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1342 ක් දක්වා ඉහළ ගියා.

මෙරටින් හමු වූ මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1901ක්.

රට සම්පූර්ණයෙන්ම විවෘත කර සති තුනක් ගත වුවද බාහිර සමාජය තුළින් කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

කොරෝනා ආසාදනය වූ රෝගීන් 548 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබනවා. තවත් 46 දෙනෙකු කොරෝනා සම්බන්ධයෙන් සැක සහිතව වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසුවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ.

ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් වූ පුද්ගලයන් 13,875 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

මේ අතර ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් 88 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කර අද සිය නිවෙස් බලා පිටව ගියා. 53 වන සේනාංකයේ සේනාධීපති මේජර් ජෙනරාල් එච්.එච්.ඒ. එස්.පී.කේ සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම නිරෝධායන කටයුතු සිදු කෙරුණා. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ඔවුන් තවත් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් විය යුතු වනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2020 18:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්