ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ උණුසුම පහව යන්නටත් මත්තෙන් ඇට්ලාන්ටා පොලිස් නිලධාරියකුගේ වෙඩි පහරට ලක්ව කළුජාතික පුද්ගලයෙකු මියයාම ඝාතනයක් බව ප්‍රාන්ත අධිකරණ වෛද්‍ය නිලධාරියා අද නිවේදනය කළා.
රේෂාඩ් බෘෘක්ස් නමැති කළු ජාතිකයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඉන් මිදී පලා යන විටයි පොලීසිය ඔහුට වෙඩි ප්‍රහාර එල්ල කළේ. ඇට්ලන්ටා පොලීසිය සිද්ධියට අදාළ නව දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. මෙම කළු ජාතික මරණයත් සමග ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක විරෝධතා තවදුරටත් උත්සන්න වී ඇති අතර දේපල ගිනි තබා විනාශ කිරීමට ද විරෝධතාකරුවන් කටයුතු කළා. ඇට්ලාන්ටා පොලීසියේ ප්‍රධානියා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර ඝාතනය සිදු කළ නිලධාරියා සේවයෙන් පහ කළ බවයි වාර්තා වන්නේ.