රුසියාවේ ඔත්තු බැලීමක නිතර වූ ඇමෙරිකා මැරීන් සෙබලකු වන පෝල් වීලන්ට ඒරෙහිව වසර 16 ක සිර දඬුවමක් රුසියනු අධිකරණයක් මගින් පනවා තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශක් නිකුත් කරන මොස්කව් නුවර ඇමෙරිකා තානාපතිවරයා ප්‍රකාශ කරන්නේ අදාළ නඩු තීන්දුව මගින් මානව හිමිකම් උල්ලංඝණයක් සිදුවන බවයි. පෝල්වීලන් හට ඇමෙරිකා, බ්‍රිතාන්‍ය ,කැනඩා සහ අයර්ලන්ත ගුවන්ගමන් බලපත්‍ර තිබෙන අතර මොස්කව් නුවර හෝටලයකදී රුසියා ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනුණා. ඔහුගේ පරිගණකය තුළ තිබී ජාතික ආරක්ෂාවට වැදගත් වන තොරතුරු රාශියක් හමු වූ බවයි රුසියාව සඳහන් කළේ.