නැගෙනහිර තුර්කියෙන් රිච්ටර් මාපාංක 5 යි දශම 7 ක භූ කම්පනයක් වාර්තා වනවා.
භූ කම්පනයෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. නැගෙනහිර තුර්කියේ බිංගෝල් දිස්ත්‍රික්කයේ ඊයේ සවස භූ කම්පනය ඇති වූ බව එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. සිද්ධියෙන් නිවාස හා ගොඩනැගිලි රැසක් හානියට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. මහල් නිවාසයක් කඩා වැටීමෙන් එහි වාසය කළ කුඩා බිළිඳෙකු තුවාල ලබා ඇති බව සඳහන්. මේ ආකාරයෙන් 1999 වසරේ තුර්කියේ ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයින් දහඅට දහසක් පමණ මිය ගියා.