කොරෝනා වෛරසයට ප්‍රතිචාර දැක්වීම සඳහා තම රජයේ කිසිදු සූදානමක් හෝ උවමනාවක් නොමැති බවට බ්‍රසීල වැසියන් චෝදනා කරනවා.
ඒ හේතුවෙන් මේ වන විට තම ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි ඔවුන් පවසන්නේ. ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර 2 වන ස්ථානයට ද බ්‍රසීලය පත්ව සිටිනවා. මේ අතර එරට ජනාධිපති ජේර් බොල්සනාරෝට විරුද්ධව රට පුරා දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාත්මක වනවා. මෙම බැරෑරුම් අවස්ථාවේදී දේශපාලනික වශයෙන් රට බෙදා වෙන් කිරීමට ඔහු උත්සාහ කරන බවයි උද්ඝෝෂකයන් පවසන්නේ.