fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර මූලස්ථාන පොලීසියේ තාප්පය බිඳගෙන ගිය ලොරි රථය

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2020 12:13

ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන මහනුවර මූලස්ථාන පොලීසියේ තාප්පය බිඳගෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ පිවිසුම් දොරටුව අසළ නතර වී තිබෙනවා. මෙම අනතුරෙන් ලොරි රථයේ රියදුරු මිය ගියා.

භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයකුයි මහනුවරදී අනතුරට ලක් වුණේ. පුෂ්පදාන මාවතේ සිට නගරය දෙසට පැමිණෙමින් සිටියදී මූලස්ථාන පොලිසියේ තාප්පය බිඳගෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ පිවිසුම් දොරටුව අසළ ලොරි රථය නතර වී තිබුණා. අනතුරෙන් රියදුරු මියගොස් සහායක තුවාල ලැබුවා. මියගිය අය කටුගස්තොට සෙනරත්ගම ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙක්. මහනුවර පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2020 12:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්