මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,889 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සම්පූර්ණ සුවය ලැබූ පිරිස 1,287 ක්.
කොරෝනා ආසාදනය වූ රෝගීන් 591 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබනවා. තවත් 35 දෙනෙකු කොරෝනා සම්බන්ධයෙන් සැක සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ.
ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් වූ පුද්ගලයන් 13,875 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.
වැලිසර හා රන්ගල නාවික හමුදා කඳවුරුවල කොරෝනා වසංගත තත්ත්වය මැඩපවත්වා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. කොරෝනා වසංගතය මෙරට සමාජය තුළින් වාර්තා වීම සිදුනොවන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ප්‍රකාශ කරන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Vssj1udTtYg&feature=youtu.be&fbclid=IwAR1GgJpviKIbsHbqtDx0Lme5a_lQ8RlOUJnz-9-68_JoyaPsiNkTlWBoWvI”]
කල්පිටිය නාරා ආයතනයේ පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නාවික හමුදා සාමාජිකයන් 3 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ සොයා ගැනුණා. හලාවත මහ රෝහලේදී සිදු කළ PCR පරීක්ෂණයකදී ඔවුන් කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගත් බවයි කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.