fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔරුවක් පෙරළීමෙන් වයස අවුරුදු 8 ක දරුවෙකු වැවට වැටී මිය යයි

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2020 17:08

අම්පාර උහන නවගිරියාව වැවේ ඔරුවක් පෙරළීමෙන් වයස අවුරුදු 8 ක දරුවෙකු වැවට වැටී මිය ගොස් තිබෙනවා.

ඔරුවේ අයිතිකරු සමග සිසුන් කණ්ඩායමක් නවගිරියාව වැවේ ඔරු පදිමින් සිට ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. දෙමව්පියන්ගේ අවසරය මත ඔරු පැද ඇති අතර වැවෙහි ටික දුරක් ගිය පසු ඔරුව නැවත හරවාගෙන එන ලෙස දෙමව්පියන් ඔරුව පදවන්නාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔරුව පදින්නා දෙමව්පියන්ගේ ද ඉල්ලීම ඉවත දමමින් ඔරුව පැද ඇති අතර එහිදී මාළු දැළක් දැමීමට යාමේදී ඔරුව පෙරළීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. ඔරුව පැදීම කළ පුද්ගලයා හා පිහිනීමට හැකි දරුවන් සිය ජීවිත බේරා ගත්ත ද එක් දරුවෙකු වැවේ ගිලී මිය ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී ඔරුවේ 7 දෙනෙකු සිට ඇති බවයි පොලිස් පරික්‍ෂණවලදී හෙළිවී ඇත්තේ. උහන පොලීසිය, ඔරුව පැදීම කළ පුද්ගලයා අත්අඩංගුවට ගත්තා. අනතුරෙන් මිය ගොස් ඇත්තේ නවගිරියාව ගම්මානයේ පතිරාජ රණසිංහ මන්දාර තාරක නමැති 8 හැවිරිදි දරුවෙක්.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2020 17:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්