කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්ය බුද්ධි කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා.
රිය අනතුරට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත්වුණා. අනතුර සිදුවී ඇත්තේ පසුගිය 11 වනදා රාත්රියේයි. තුම්මුල්ල ප්රදේශයේදී මෙම පොලිස් කොස්තාපල්වරයා හා තවත් නිලධාරියෙකු රැගත් යතුරු පැදිය ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. මිය ගිය පොලිස් කොස්තාපල්වරයා වයස අවුරුදු 22 ක පුද්ගලයෙක්.