fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුනිල් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2020 12:08

ලංකා ස්වයං රැකියා ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා. ලීසිං ගැටළුවක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ගිය අවස්ථාවේ මැර ප්‍රහාරයකට ලක් වීමෙනුයි ඒ මහතා  ජීවිතක්ෂයට පත් වුණේ.

කොරෝනා සමයේදී ලබා දුන් ලීසිය සහනය තම සංගමයේ නියෝජිතයන්ට ලබා නොදීම සම්බන්ධයෙන් විමසීම සදහා ලීසිං ආයතනයට ගිය අවස්ථාවේ ඒ මහතා අමානුෂික ලෙස මැර ප්‍රහාරයකට ලක් වුණා. එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ සුනිල් ජයවර්ධන මහතාගේ දේහය කැස්බෑව , තානායම පාර, ඒ 03 ,නොම්බර 251 දරණ නිවසේ තැන්පත් කර තිබෙනවා. විශාල පිරිසක් සුනිල් ජයවර්ධන මහතාගේ දේහයට  අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක්ද ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. දේහය පිලිබඳ අවසන් කටයුතු කැස්බෑව පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2020 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo