මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරිම සඳහා දින වකවානු මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.ඒ නිවේදනයක් නිකුත් කරමින්.
තැපැල් ඡන්ද දින පිලිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි කොමිසම සදහන් කළේ.
මහ මැතිවරණයට අදාල කාර්යයන් සිදුකිරිමේ දින නියම කිරිමට අදාල කිසිදු පත්‍රිකාවක් ඉදිරිපත්ව නැතැයි ද කොමිසම නිවේදනය කරනවා.