නෙළුම් මල් කැඩීමට ගිය ඔරුවක් පෙරළී යාමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට
Related Articles
පොළොන්නරුව නව නගරයේ පිහිටා ඇති අලුත් වැවෙහි නෙළුම් මල් කැඩීමට ගිය අවස්ථාවේ ඔරුවක් පෙරළී යාමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා.
අනතුර සිදු වන අවස්ථාවේ ඔරුව තුල තිදෙනෙකු ගමන් කර තිබෙනවා. ප්රදේශවාසීන්ගේ සහාය ඇතිව ඉන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකි වූ අතර අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූයේ වයස අවුරුදු 55 ක් වන වීර පෙදෙස ප්රදේශයේ පදිංචිකරුවෙක්.
පොලොන්නරුව මහ රෝහල වෙත ඇතුළත් කෙරෙන අවස්ථාව වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ. පොලොන්නරුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වනවා.