හෙටට යෙදෙන ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම සදහා උත්සවයක් සංවිධානකර තිබෙනවා. එය පැවැත්වීමට නියමිතව ඇත්තේ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
මිනිස් රුධිර සංසරණ පද්ධතියේ ඒ / බී / ඕ ලෙස රුධිර කාණ්ඩ ඇති බව සොයාගත් ඕස්ට්‍රේලියා විද්‍යාඥයෙකු වන කාල් ලෑන්ඩ්ස්ටයිනර්ගේ උපන්දිනය යෙදී ඇති ජුනි මස 14 වනදා ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය ලෙස නම්කර තිබෙනවා. ඔහු නොබෙල් ත්‍යාග ලාභියෙක්.
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් හදුන්වාදී ඇති මෙවර ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයේ තේමාව වන්නේ ‘‘සුරක්ෂිත රුධිරය ජීවිත සුරකී“ යන්නයි. ස්වෙච්ඡාවෙන් තම රුධිරය පරිත්‍යාග කරන පිරිසට කෘතවේදීත්වය දැක්වීම මෙන්ම රුධිරයේ ඇති වටිනාකම පිළිබද ජනතාව දැනුවත් කිරීම ආදී කටයුතු රැසක් මෙවර සැමරුම් උත්සවය මුල්කර ගනිමින් සිදුවනවා.