මහ මැතිවරණයේ පෙරහුරු වැඩසටහන් කිහිපයක් අද ( 13) දිනයේ ද පැවැත්වෙනවා. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අධීක්ෂණය යටතේයි.
ගම්පහ, ගාල්ල, හම්බන්තොට, මාතලේ හා පොළොන්නරුව යන දිස්ත්‍රික් කේන්ද්‍ර කර ගනිමින් මෙම පෙරහුරු වැඩසටහන් ක්‍රියාත්මකයි. ඒ අනුව මීගමුව වැල්ලවිදිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පිහිටුවා ඇති ආදර්ශ ඡන්ද පොළේ ඡන්දය ප්‍රකාශ කිරිම නියමිත පරිදි ආරම්භ වූ බව අප වාර්තාකරු පවසනවා. මෙම ඡන්ද මධ්‍යස්ථානයේ එක්දහස් අටසියයකට ආසන්න ඡන්ද දායකයන් පිරිසක් සිටින අතර පෙරහුරුව සඳහා 400 දෙනෙකු යොමු කිරීම සැලසුම වී තිබෙනවා.
මීගමුව, කල්පිටිය, කොටපොළ, ලුණුගම්වෙහෙර, රත්තොට හා දිඹුලාගල යන ප්‍රදේශවල ද පෙරහුරු වැඩසටහන් සාර්ථකව පැවැත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ අපේක්ෂාවයි.
නව්‍ය කොරෝනා ව්‍යාප්තියත් සමග සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඡන්දය භාවිත කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙහි අරමුණයි. අදාළ දිස්ත්‍රික්වල මැතිවරණ රාජකාරියේ නිරත නිලධාරීන්ගේ සහභාගිත්වයෙනුයි පෙරහුරු වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ.
මේ අයුරින් පළමු පෙරහුරු වැඩසටහන පසුගිය 7 වනදා අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පැවැත්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/n8o02fMzgOk”]