කොවිඩ් නයින්ටීන් හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා7,739,944දෙනෙකුට ආසාදනය වී තිබෙනවා.
සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව3,966,293ක්. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 428,337ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213 ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
බ්‍රසීලයේ වෛරස ව්‍යාප්තිය දේශපාලනඥයන් තම වාසි සඳහා භාවිත කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ජනාධිපතිවරයා වෛරස තත්ත්වය සුළුකොට තැකීම වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමට හේතුවී තිබෙනවා.
මේ වන විට එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව හතළිස්එක්දහස ඉක්මවා ඇත්තේ ආසාදිතයන් සංඛ්‍යාව අටලක්ෂ තිස් දහසකට ආසන්න වීමත් සමගයි.
මේ අතර පොලීසිය හා උද්ඝෝෂකයන් අතර ගැටුම් උග්‍රවීමත් සමගම බ්‍රසීලය ගෝලීය සාම දර්ශකයේ 126 වන ස්ථානය දක්වා පහළ බැස ඇති බවයි ලෝක ආර්ථිකය හා සාමය පිළිබඳ ආයතනය නිවේදනය කරන්නේ.