නාවික හමුදාවේ 22 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමඟ නාවික හමුදාවේ මේ වන විට සුවය ලැබූ සමස්ථ සාමාජිකයන් සංඛ්‍යාව 679 ක් දක්වා ඉහළ ගියා.
ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් නාවිකයින් 07 දෙනෙකුද, වැලිසර නාවික හමුදා කදවුරෙන් 09 දෙනෙකුද, මිනුන්ගොඩ මූලික රෝහලෙන් 03 දෙනෙකුද, වැලිකන්ද රෝහලෙන් දෙදෙනෙකුද, ඉරණවිල රෝහලෙන් එක් අයෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
රෝහල්වලින් පිටව ගියද මෙම සියලුම නාවිකයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සදහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.