රටේ ආර්ථික අර්බුදය උත්සන්නවීමත් සමග ලෙබනන් ජනතාව දෙවන දිනයටත් විරෝධතා පවත්වනවා.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ලෙබනන් පවුමෙහි වටිනාකම සියයට 70 කින් අවම මට්ටමකට පත්වීමත් සමග රට පුරා විරෝධතා ආරම්භ වුණා. කොරෝනා වසංගතය හේතුවෙන් එම මූල්‍ය අර්බුදය වඩාත් දරුණු අතට හැරී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලෙබනනයේ නගර රැසක විරෝධතාකරුවන් ගිනි තබමින් දැවැන්ත විරෝධතාවක් පවත්වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. පොලීසිය ඔවුන් විසුරුවා හැරීම සදහා කදුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර සිදුකර තිබෙනවා.