ලොවපුරා කෝටි සියයකට වැඩි පිරිසක් දුගීභාවයට පත්වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා.
ඒ කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන්. මේ වනවිටත් රටවල් රැසක ආර්ථික කඩාවැටී තිබෙනවා. රැකියා ගණනාවක් කප්පාදු කිරීමටයි රටවල් රැසකට සිදුවුණේ.
ඒ අනුව පවතින තත්වය තවත් දුෂ්කර වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.