fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් චතුරස‍්‍රය අසලින් හමුවූ මළ සිරුර ලඟ පිස්තෝලයක් සහ ලිපියක්

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2020 15:05

කොළඹ නිදහස් චතුරස‍්‍රය ආසන්නයේදී මියගොස් සිටි පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිව තිබෙනවා.

ඔහු ලග තිබි මයික්‍රෝවර්ගයේ පිස්තෝලයක් සහ සියදිවි නසාගන්නා බවට ලියූ ලිපියක් ද සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළේ.

ඔහු බම්බලපිටිය පොලිස් ෆාර්ක් ප‍්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 64 හැවිරිදි පුද්ගලයෙකු බවට ද තොරතුරු හෙළිකරගත්තා. මහේස්ත‍්‍රාත් පරික්ෂණ අවසන් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ. පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදුකිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2020 15:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්