fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරිම ගැන අවසන් තීරණය හෙට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2020 14:49

විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරිම සම්බන්ධයෙන් හෙට (13) අවසන් තීරණයක් ගන්නා බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

සියලු උපකුලපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (11) දිනයේදීත් සාකච්ඡාවක් පැවති බවයි කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේ. එහිදී ඉදිරිපත්වූ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන අවසන් තීරණය ගැනීමටයි නියමිත.

අධ්‍යයන කටයුතු කඩින්කඩ සිදුකිරිමද සැලසුමක්. සෞඛ්‍ය අංශයේ උපදෙස් මත අවසන් තීරණය ගන්නා බවයි සභාපතිවරයා සදහන් කරන්නේ. එය නිල වශයෙන් හෙට දැනුම් දෙන බවද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියා.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2020 14:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo