fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස්පති පූජිත් ලැබුණු තොරතුරු ගැන දැනුවත් කළා නම් පාස්තු ප්‍රහාරය සිද්ධ වෙන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2020 12:02

පාස්කු ප්‍රහාරය පිළිබද තොරතුරු ලැබී තිබූ බැවින් එවකට පොලිස්පතිවරයාට එහි බරපතල කමක් තිබුණේ නම් එය වළක්වා ගැනීමට හැකිව තිබූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය පිළිබද තොරතුරු සොයා බලන කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මේබව ප්‍රකාශ කළේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (11) කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබද තොරතුරු ඇතුළත් ලිපිය 2019 අප්‍රේල් 10 වනදා තමන් අතට ද ලැබුණු බවයි. ඒ වන විට තමන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ රාජකාරී ආවරණ කටයුතු වල නිරතව සිටි බවද ඔහු ප්‍රකාශ කළා. බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිව සිටි නන්දන මුණසිංහ මහතා එම ලිපිය  තමා වෙත යොමු කර තිබූ බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ. සහරාන් ඇතුළු පිරිස ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ කතෝලික දේවස්ථානවලට ප්‍රහාරයක් එල්ලකරන බවට එම ලිපියේ සදහන්ව තිබූ බවද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එම ලිපිය තමන්ට  ලැබී පැය දෙකක් ඇතුළත තවත් ලිපියක් මගින් ඉතා වැදගත් යනුවෙන් සදහන් කොට එහි පිටපත් කොළඹ දිසාව භාර පොලිස් කොට්ටාස සහ ක්‍රියාකාරී පොලිස් කාර්යාල වලට යොමු කළ බවයි ඔහු ප්‍රකාශ කළේ. නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා 2019 අප්‍රෙල් 13 වනදා නිවාඩු අවසන් කර පැමිණි බැවින් තමාගේ ආවරණ රාජකාරී නිමකර අප්‍රේල් 16 වනදා තමන් නිවාඩු ගියේ අදාළ ලිපිය පිළිබද නියෝජ්‍ය පොලිස්පති වරයාට වාචිකව  ද දැනුම් දී නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සටහන් පොතේ සටහනක් ද දැමීමෙන් අනතුරුව බවයි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

එම ලිපියේ එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යමක් සදහන් කර තිබුණාද? යන්න පිළිබදව කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් අජිත් රෝහණ මහතා කියා සිටියේ ටොප් සීක්‍රට් පයොරිටි සහ එෆ් එන් ඒ යනුවෙන් එම ලිපියේ සටහනක් යොදා තිබූ බවයි. පොලිස්පතිවරයාගේ එම සටහනනින් අදාළ ලිපියේ බරපතලකම දියාරු වී ගොස් ඇති බවද අජිත් රෝහණ මහතා පැවසුවා. ලිපියේ එක් තැනක සහරාන් ඇතුළු පිරිස සමාජජාල මගින් අන්තවාදී මත පතුරුවන බවට තවමත් නිල වශයෙන් අනාවරණය කරගෙන නැත සහ  ඉහත තොරතුරු ගැන රහසිගතව විමර්ශනය කෙරෙනවා යන වැකි වලින් ලිපියේ බරපතලකම සම්පූර්ණයෙන්ම හීන වී ගොස් ඇති බවයි අජිත් රෝහණ මහතා පැවසුවේ.

එවකට පොලිස්පතිවරයාට මෙහි බරපතල කමක් තිබුණේ නම් නිලධාරීන් කැදවා දැනුවත් කළේනම්, ප්‍රහාරය වළක්වා ගැනීමට හැකිව තිබූ බවයි අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නේ.

පොලිස්පති පූජිත් ලැබුණු තොරතුරු ගැන දැනුවත් කළා නම් පාස්තු ප්‍රහාරය සිද්ධ වෙන්නේ නෑ නියෝජ්‍ය පොලිස්පති අජිත් කියයි.

එවකට රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා එවකට කොළඹ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට ලබා දී තිබූ බුද්ධි තොරතුරු ලැබුනා දැයි කොමසම ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් අජිත් රෝහණ මහතා එවැනි තොරතුරක් තමන්ට නොලැබුණු බව කියා සිටියා. එසේ ලැබුණේ නම් එය බුද්ධි තොරතුරක් බැවින් ඒ වන විට තමා යටතේ සිටි 8000 කට අධික රථ වාහන පොලිස් නිළධාරීන් එදින රාත්‍රි යේම යොදවා පරික්ෂා කර මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට පියවර ගත හැකිව තිබූ බව ද සදහන් කළා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2020 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්