කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 35 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි නාවික හමුදාව පවසයි.
ඔවුන්ගෙන් 13 දෙනෙකු මුල්ලේරියාව රෝහලින්ද, 11 දෙනෙකු මිනුවන්ගොඩ රෝහලින්ද, 07 දෙනෙකු අයිඩීඑච් රෝහලින්ද, තිදෙදෙනෙකු (03) නාවික මහ රෝහලින්ද, එක් (01) නාවික සාමාජිකයෙකු වැලිකන්ද රෝහලින්ද ප්රතිකාර ලබා ගන්නා ලදි.
ඒ අනුව සුවය ලැබු සම්පුර්ණ නාවික හමුදා සාමාජිකයින් ගණන 657ක් දක්වා ඉහළ ගියා.