fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෙසු රටවලට සාපේක්‍ෂව මෙරට ආර්ථිකය ගොඩනැංවීම ඉහළ මට්ටමක පවතිනවා

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2020 18:01

ලෝකයේ සෙසු රටවලට සාපේක්‍ෂව මෙරට ආර්ථිකය ගොඩනැංවීම ඉහළ මට්ටමක පවතින බව ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතා පවසනවා.

දේශීය ඉදිකිරීම් කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමේ සාකච්ඡාවක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රජයේ මුදල්වලින් ආරම්භ කෙරෙන ව්‍යාපෘති දේශීය ඉදිකිරීම් සමාගම් මගින් සිදු කිරීම පිළිබඳ මෙහිදී වැඩි අවධානය යොමු කෙරුණා. විදේශ ආයෝජන මත විදේශ ඉදිකිරීම් සමාගම්වලට ලබා දෙන ව්‍යාපෘතිවලින් වැඩි කොටසක් දේශීය සමාගම්වලට ලබා දීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණා. කොරෝනා වසංගතය හමුවේ මෙරට ආර්ථිකයට ගැටලුවක් නොවන ආකාරයට නව ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නව යෝජනා මාලාවක් ඉදිරිපත් කෙරුණා. ඒ සඳහා රජයේ පාර්ශ්වයෙන් හැකි උපරිම සහාය ලබා දෙන බවයි බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2020 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්