ඩෙංගු අධි අවදානම් කලාප 34 ක් හදුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළා.
පවතින තත්වය සැලකිල්ලට ගෙන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන පෙරවරුවේදි ආරම්භ කළ බවයි එහි අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කළේ.
තම නිවාස , අවට පරිශ්‍ර ඇතුලු සියලු ස්ථාන පිරිසිදුව තබාගැනීමෙන් ඩෙංගු රෝගය මර්දනයට උපරිම සහාය ලබාදෙන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.