මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් 373 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පසුගිය පැය විසි හතරේදී බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලිම්වලින්. හෙරොයින් , ගංජා සහ නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය ලග තබාගැනීම මෙන්ම අලෙවිකිරිමද ඔවුන්ට එරෙහි චෝදනා බවයි බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කළේ.