මෙරට වෘත්තීය පුහුණුව ප්‍රවර්ධනය ඇතුලු කිෂේත්ර රැසකට අදාළව ජර්මන් රජයෙන් යුරෝ මිලියන 11 ක තාක්ෂණික ආධාර පිරිනැමුණා.
තාක්ෂණික ආධාර ලබා ගැනීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. මෙම ආධාර මුදලින් යුරෝ මිලියන 7 ක් වෙන් කෙරෙන්නේ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය සඳහායි. ඉල්ලුම මත පදනම්ව තරුණ පරපුරට වෘත්තීය පුහුණුව ලබා දීම මෙහි අරමුණයි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා යුරෝ මිලියන 3 යි දශම 5 ක මුදලක් වැය කෙරෙනවා. මෙරට සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ගෝලීය වෙළෙඳපොළ තුළ පහසුකම් සැලසීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.
අධ්‍යයන හා විශේෂඥ අරමුදල සඳහා ද ජර්මන් රජයෙන් ලැබෙන තාක්ෂණික ආධාර වැය කිරීමට නියමිතයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/06/jarman.jpg”]