ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයන් දස දහස ඉක්මවා ගියා. ඒ අනුව එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂ හැටහත්දහස් එකසිය හතළිස් හතක්.
එරට රෝහල් කෝවිඩ් රෝගීන්ගෙන් පිරී යාමත් සමග සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා. මේ අතර නවදිල්ලි අගනුවර මහල් නිවාස කෝවිඩ් රෝහල් බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉතා සීමිත ඉඩකඩක් තුළ කුඩා ප්‍රමාණයේ මහල් නිවාසවල පරම්පරා කිහිපයකට අයත් පිරිස් වාසය කිරීම හේතුවෙන් වෛරසය ඉතා වේගයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ.