පෙරටුගාමී සමාජවාදී නියෝජිතයන්ට ඇප
Related Articles
අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විරෝධතාවේ නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයන් ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව. එහි ප්රධාන ලේකම් කුමාර ගුණරත්නම් ඇතුළු 53 දෙනෙක් ඊට අයත්. කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වීමටයි ඔවුන් කටයුතු යොදා තිබුණේ.
ඇමරිකා පොලිස් නිළධාරියෙකු හේතුවෙන් මියගිය කළු ජාතිකයාගේ ඝාතනය හෙළා දකිමින් විරෝධය පවත්වන බවයි ඔවුන් සදහන් කලේ.
කෙසේවෙතත් එම ස්ථානයේ උද්ඝෝෂණය පැවැත්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබුණා.